අපි හැමෝගෙම ජීවිත වල ලොකු සෙවනැලි දෙකක් තියෙනවා. ඒ අම්මා සහ තාත්තා.. අපේ ලෝකෙ විතරක් නෙවෙයි පොඩි එවුන් හැමෝගෙම ලෝකවල පළමු වීරයා වෙන්නේ තමන්ගෙ තාත්තා...
“අපේ තාත්තා ඔයාගෙ තාත්තට වඩා දක්ෂයි,වේගෙන් දුවන්න පුළුවන්, ඕනම දෙයක් කරන්න පුළුවන්“ කියලා පුංචි කාලේ තරඟ කරනවා තාත්තා “පොරක්“ කරන්න..
අපි ටික ටික ලොකු වෙනකොට ඒ ලෝකය වෙනස් වෙනවා. සමහර වෙලාවට ස්පයිඩර් මෑන් සුපර් මෑන් අපේ වීරයෝ වෙනවා.. තාත්තලා ඒ දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා.. දුකක් නෑ තමන්ගේ වීරත්වය අහිමි වුනා කියලා... ඒ තාත්තලගෙ හැටි. සතුටු වුනා කියලා පිටට පෙන්නන්නෙවත් දුක් වුනා කියලා අඬන්නෙවත් නෑ... ගලක් වගේ හිටියට හිත වෙඬරු පිඬක් වගේ මොලොක්... දරුවන් වෙනුවෙන් කරන්න තියෙන ඕනම දෙයක් කරන්න පසුබට වෙන්නෙත් නෑ....අපට ඒ අගේ තේරෙන්නෙ තාත්තලා අපෙන් ඈත් වුනාම හෝ තමන් තාත්තෙක් වුනාම...
ඉරිදා දහම් පසලේ තාත්තා ළමයින්ට උගන්වනවා. ඊට පොඩ්ඩක් එහායින් පොඩි පුටුවකුයි මේසෙකුයි තියලා මාව වාඩි කරලා. තාත්තා ඉඳගෙන මාත් ඉඳගෙන. කලු ලෑල්ලේ මොනවා හරි ලියන්න තාත්ත නැගිටින්න හදනවා. මම කල බල වෙනවා තාත්තා මාව දාලා යයි කියලා. මම තාත්තාට කලින් නැගිටිනවා. තාත්තා කලු ලෑල්ලේ ලියන දේ ලියලා ඉවර වෙනකල් මම මගේ තාත්තා දිහා නැගිටලා බලන් ඉන්නවා. මගේ හිතේ තියෙන්නේ තාත්තා මාව දාල යයි කියන බය. තාත්තා ආයිත් පුටුවේ ඉඳගන්නවා ඒත් මම ඉඳ ගන්නේ තාත්තා ඉඳ ගත්තාට පස්සේ. ටිකකින් තාත්තා පන්තිය වටේ යන්න නැගිටිනවා. පන්තිය වටේ ගිහින් පොත් බලලා එනකල්ම මම නැගිටලා. පස්සේ පස්සේ ඒ අයියලා අක්කාලා හැමෝම කිව්වේ තාත්තා නැගිටින කොට නැගිටිනවා ඉඳ ගන්නකොට ඉඳගන්නවා කියලා. මේ මට මතක විදිහට එක වසර හෝ ඒ ආසන්න කාලය.
ලෝකේ ඉන්න හෑම දරුවෙක්ම තමන්ගේ තාත්තාට ගොඩාක් ආදරය කරනවා. ඒ වගේම ගරු කරනවා.තාත්තා කෙනෙක්ට තියෙන්නේ හරිම උතුම් හදවතක්. තාත්තලාගේ බලාපොරොත්තුව තමයි එයාගේ දරුවෝ හෑමදාම සතුටින් ඉන්නව දකින්නයි. මම මෙහෙම කිව්වම අම්මල තරහ වේවිද දන්නේ නෑ. අම්මලගෙත් පෑතුම ඒකම තමයි.දවස පුරාම මහන්සි වෙලා ගෙදර එන තාත්තලාට තමන්ගේ දරුවන්ගේ මූනු දෑක්කම මහන්සිය නෑති වෙලා යනවලු.
මං මේ කියන්න යන කතාව ඇත්තක්ද බලන්න , පූංචි කාලේ තාත්තත් එක්ක ගමනක් යනකොට ඔන්න ඉතින් තාත්තල දන්නවා ටවුන් එකෙන් මොනවහරි බඩට දාගෙන බීම බොත්ලයකුත් බොන්න ඕන බව, එතින් තාත්තා ටවුන් එකෙ තියන හොඳම හෝටලයට එක්ක ගිහින් අපිට කන්න අරන් දෙනවා, අපිට බඩපිරෙන්න කන්න අරන් දුන්නට තාත්තා කන්න නැතුව නිකන් ප්ලෙන්ටි පාරක් ගහනවා. එහෙම කලේ බඩගින්න නැති නිසා නෙවේ මගේ යාලුවනේ, අපි හිටියේ නැත්නම් තාත්තා ඔය කඩේට යනවා තියා ඔය පැත්තවත් බල්ලන්නෙ නෑ යාලුවනේ.
තමන්ගේ දරුවෝ කොච්චර ලොකු වුනත් දෙමව්පියන්ට හෑමදාම පොඩියිලු.තාත්තල කියල දෙන්නෙ නෑ ජීවත් වෙන විදිය. ඒත් තාත්තල ජීවත් වෙන විදිය බලාගෙන තමයි ලමයි ජීවත් වෙන්නෙ කොහොමද කියල ඉගෙනගන්නේ. ඒ කියන්නෙ ලමයි ලෝකය දකින්නේ තමන්ගේ තාත්තා තුලිනුයි. මම හරි නේද යාලුවනේ? දරුවෝ හිතන්නේ "මාත් කවදහරි අපේ තාත්තා වගෙ වෙනව" කියලයි. පොඩ්ඩක් මතක් කරල බෑලුවොත් තාත්තා අපිට ගහපු දවසක්. බෑනපු දවසක් තියෙන්නෙ හරිම අඩුවෙන්.මම කියන්නේ නෑ තාත්තලා බනින්නේ නෑ කියල. තාත්තා බෑන්නාම අපිට ගොඩාක් දුක හිතෙනවා. ඒ මොකද කිව්වොත් තාත්තලා තරවටු කරන්නේ හරිම අඩුවෙන් නිසා. මේ තියෙන්නේ අපේ තාත්තලා ගැන ලියවුණු ලස්සන සිංදුවක්...
තාත්තා මට ඈනපු ටොක්ක දවාලේ තරු පෙනුනා....
එදා මට දෑනුනේ ඔබව හතුරෙක් වාගේ තාත්තේ,
අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තේ
මේ විදියට මුලු ජීවිතයම අපි වෙනුවන් කැප කරන තාත්තලා වෙනුවෙන් අපි ඒ ණය ගෙවන්නේ කොහොමද යාලුවනේ. මං දන්නවා ඔය ගොල්ලන්ගේ එකම පැතුම තාත්තට ජීවිතේ අවසාන කාලයවත් ලස්සන ලෝකයක රජෙක් වගේ ජීවත් වෙන්න ඉඩ සලසා දීම කියලා :'( :'( :'( :( :'( :'(
කොපමණ ගුණ කිව්වද
ගෙවිය නොහැකිය
ඔබට ඇති ණය මම
උපදින හැම භවයකම
මගේම වේවා ඔබ දෙමවුපිය
අමතක නොකර Comment එකකුත් දාලම යන්න.
දන ගාද්දි ඈවිදින්නට මට අත දුන්න
ReplyDeleteගුරුහරුකම් හොද නොහොදත් කියල දුන්න
මහලුව බෑරි උනාම ඔබ හට ඈවිදින්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න......
nice work... keep it up!
ශ්යනිකා, මේ ලිපියට ඔබ එක් කල අදහස් වලට හා දිරිය දුන් ඔබට බොහොම තුති...
ReplyDeletenice work... keep it up!
ReplyDeleteනියමයි අප්පා...මටත් තාත්තා මතක් උනා. ඔහොම යං! ඔහොම යං!
ReplyDeleteසෑහෙන්න හිතට වැදුනා මචන්...
ReplyDeleteGood work Keep it UP!!
Rukshan, දිරිය දුන් ඔබට බොහොම තුති...
ReplyDeleteඔබගේ ලිපිය කියවු පසු මට සිතුනා....
ReplyDeleteපියපුතු සෙනෙහසත් අපගේ වෑඩි වුවා...
මගේ හිතේ අති දේ ඔබ පවසුවා....
ජය පතලා ලියන්න මට සිත්වුවා......
දුන්නේ ඔබේ ජවයයි මේ වචන වලින්....
ReplyDeleteපුදනෙම් තුති පිදුම් ඔබ හට සතුටු සිතින්....
Ado sirawata marama gathi.Uba apea hithatama katha karala thiyenawa.Ohoma yamu.Elaz
ReplyDeleteදිරිය දුන් ඔබට බොහොම තුති machoo...
ReplyDelete