අපේ ජීවිතේ හරියට ගලන ගංගාවක් වගේ. රිද්මයකට ගලා හැලෙනවා,ඒ වගේම ගල් අතරින් වැලි තලා අතරින් කටුරොඩු අතරින් ගලා යනවා. ගංගාවට කොතෙකුත් බාධක ආවත් , කොතරම් අපවිත්‍ර එකතු වුනත් ගඟ ඒ හැම බාධකයක්ම ඉවසාගෙන තමන්ගේ අරමුණට යනවා, ඒ කියන්නේ ගඟ මුහුදට වැටෙනවා.
අපේ ජීවිතේත් ගඟක් වගේ. එක වෙලාවකට බලාපොරොත්තු ඉටුවෙනවා, එතකොට හිත පිරෙනවා. ඒත් බලාපොරොත්තු කඩ වුනාම හිත රිදෙනවා. බුදු දහමේ මේ දේ විස්තර කරන්නේ අටලෝ දහම කියලයි. මේ ලෝකෙ සිතුම් පැතුම් සියල්ල ඉටු කරගත් කෙනෙක් නෑ. හැම කෙනෙක්ම ජීවිතේ එක් එක් විදියේ පරාජයන් විදලා තියෙනවා.
හැම කෙනෙක්ටම ජීවිතේ අරමුණු තියෙනවා.තමන්ටම කියලා ගෙයක් දොරක් හදාගන්න. යාන වාහන ගන්න. වැදගත් රැකියාවක් කරන්න වගේ බොහොමයක් දේවල් තියෙන්න පුලුවනි. ඒ දේවල් ලබාගන්න දැඩි උත්සහය, අදිටන වගේම අරමුණ ඉටු කරගන්න ක්‍රියා කරන්න ශක්තියත් තියෙන්නම ඕනෙ. ඒත් ඒ හෑම දේම ධාර්මිකවයි කරන්න ඕනෙ, නැතුව හොදින් හරි නරකින් හරි ලබාගන්න ඕනේ කියන අදිටනනින් නම් නෙවෙයි. අධාර්මික මාර්ගෙට වැඩි ආයුෂ නෑ. ඒත් ඒ මාර්ගය ඉක්මන් කියල ඒ මාර්ගෙට වැටුන අයට කවදාහරි පසුතැවෙන්න වෙනවා. ඒ නැතත් තමන්ගෙ හිත හැමනිතරම "තමන් වැරදියි " කියලා කියාවි.
තමන්ට පරාජයක් ලැබුනම "මට ඔක්කොම එපා වුනා" කියල නොහිතා දිරිමත් වෙලා අඩුපාඩුකම් මග හැරගෙන පෙරටත් වඩා දිරියෙන් ඉදියට යන එකයි අපි කරන්න ඕනෙ. යම් දෙයක් බලාපොරොත්තු වෙද්දී ඒ දේ සිදු නොවුනොත් මම මොකද කරන්නෙ කියලා සැලසුම් කර ගත්තානම් ගොඩාක් හොදයි නේද?
තමන්ට ලැබෙන ප්‍රශංසා ඉදිරියේ හැම කෙනෙක්ටම සතුටක් ඇති වෙන එක සාධාරණයි. ඒත් ඒ නිසා අහංකාර නොවී නිහතමානී වෙන එකයි උතුම් ගුණය. සමහරු තනතුරු ලැබුනම තමන්ගේ නෑයන් , යාලුවන් අමතක කරනවා වෙන්න පුලුවන්, එහෙම කරන එක හොද නෑ තමයි. ඒත් අපි ඒ කෙනා ගැන තරහක් ඇති කරගන්න එකත් හොද ගති ගුණයක් නෙවෙයි.
අපි කවදආ හරි මැරෙනවා, ඒත් ඒ කොතනද? කොහේද? කවදද? කියල අපි කවුරුවත් දන්නේ නෑ. එහෙනම් මේ නොමිනිස්කම් මොකටද? ටිකක් හිතන්න.........
(ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන්ගේ "තාරුණ්‍ය සහ බුදුදහම" පොත ඇසුරිනි.)